BPP/WP/00258-P.N.SeSenarathna-Mahamathya Vidyalaya-Athurugiriya
පාසල මුහුණ දෙන අභියෝග.
1. මගේ පාසල අතුරගිරිය මහාමාත්‍ය විද්‍යාලය වේ. එය ජාතික පාසල් 1000 සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ අළුතින් ජාතික පාසලක් බවට පත්වූ පාසලකි. භවුතික සම්පත් රාශියක් මෙම පාසල සතු නමුත් අප පාසල මෑතකදී මුහුණ දුන් විශාලතම අභියෝගය නම් පුස්තකාලය ,නර්තන ඒකකය, උසස් පෙළ හා සාමාන්‍ය පෙළ පන්ති පවත්වන තෙමහල් ගොඩනැගිල්ලක් අබලන් තත්වයට පත්වීමයි. පවතින වැසි සහිත කාලගුණය හමුවේ ක්‍රමයෙන් දිරාපත් වූ slab එක නිසා ගොඩනැගිල්ල කඩා වැටීමට ආසන්න තත්වයට පත්ව ඇති අතර ඉංජිනේරු කාර්‍යාල නිලධාරීන්ගේ උපදෙස් මත එම ගොඩනැගිල්ල සිසු භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවී ඇත.එමනිසා පන්ති සාමාන්‍ය පරිදි පැවැත්වීමේ දී විශාල ඉඩකඩ ප්‍රශ්නයක් පැන නැගී ඇති අතර මෙම තත්වය හමුවේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථකව කරගෙන යාම අප පාසල මුහුණ දෙන විශාලම අභියෝගය වේ.
2. පසුගිය කාල වකවානුව තුළ covid තර්ජනය හමුවේ පාසල වසා දමා තිබූ නිසා පාසල් සංවර්ධන සමිතියට සිසුන්ගෙන් මුදල් එකතු නොවුණි.එම තත්වය හමුවේ පාසලේ කටයුතු සාමාන්‍ය ලෙස කරගෙන යාමට අවශ්‍ය මුදල් සංවර්ධන සමිතියට එකතු නොවීම නිසා පාසලේ කටයුතු කරගෙන යාමට දුෂ්කර වීම තවත් අභියෝගයකි.
3. මත් උවදුර තවත් අභියෝගයකි. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය බහුල නිසා ඔවුන් හරහා පාසලේ දරුවන් වෙත මත්ද්‍රව්‍ය ලගාවීමේ තර්ජනයක් තිබීම තවත් අභියෝගයකි.
4. අවට නගරවල ඇති ජනප්‍රිය පාසල් වලට මෙම පාසලේ සිසුන් ඇදී යාමේ ප්‍රවනතාවක් තිබීම තවත් අභියෝගයකි .
කඩා වැටීමට ආසන්න තෙමහල් ගොඩනැගිල්ල කම්බි දැල් වලින් වටකර දරුවන්ට ළං වීමට නොහැකි ලෙස සකසා ඇති ආකාරය.පෝස්ටර් මගින් අනතුරුදායක බව පාසල් ප්‍රජාව වෙත දැනුවත් කර ඇති ආකාරය.